අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන්ට තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බැවින් වහාම සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙස බන්ධනාගාර කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාට අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද දැනුම් දී ඇතැයි වාර්තා වේ.
දැනට ඉතාලියේ සිටින රාජපක්ෂ මහතා රත්වත්ත මහතාට දුරකථනයෙන් කතා කර ඉල්ලා අස්වන ලෙස පවසා ඇති අතර පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද දුරකථනයෙන් කතා කර ඇති බව වාර්තා වේ.
රත්වත්ත මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පූර්ණ පරික්ෂණයක් සිදු කරන ලෙසද අගමැතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වේ..
