කුඹුර ලියන ලෙස ඉල්ලා තාත්තටයි අම්මටයි පහර දුන් පොහොට්ටු මන්ත්‍රී අල්ලන්න බැරි හේතුව හෙළිවෙයි!
තමා නමට කුඹුර ලියා දෙන්නැයි බල කරමින්වැලිගම ඉබ්බාවල ප්‍රදේශයේ පිහිටි සිය සහෝදරයාගේ නිවසට පැන වයස්ගත මවට,පියාට හා නෑනාට පොල්ලකින් පහර දී තුවාල සිදු කළ බව කියන වැලිගම ප්‍රාදේශීයසභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු සැක පිට අත්අඩංගුවටගැනීම සදහා පරීක්ෂණ පවත්වන බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබු මව මාතර මහ රෝහලට ද පියා අහංගම රජයේ රෝහල වෙතද ඇතුළත් කර සිටී.
සැකකාර මන්ත්‍රීවරයාගේ පවුලේ සමීපතමයින් කීහිප දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඔහු නීරෝධායනයට යොමු කර සිටීම අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වී තිබෙන බව උසස් පොලිස්නිලධාරියෙක් පැවසීය.
කෙසේ වෙතත් නීරෝධායන කාලය අවසන් වීමෙන් අනතුරුව එම සැකකරු අත්අඩංගුවට ගන්නා බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.
කුඹුර ලියන ලෙස ඉල්ලා තාත්තටයි අම්මටයි පහර දුන් පොහොට්ටු මන්ත්‍රී අල්ලන්න බැරි හේතුව හෙළිවෙයි!
2021-09-20T17:35:00+05:30
Gossip Lanka Hot News






