වීරකැටියේ දී තාත්තාට තැබූ වෙඩි පහරින් 14 හැවිරිදි පුතා මරුට
ඊයේ (19) රාත්‍රී 10.30ට පමණ වීරකැටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙක් මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ වීරකැටිය පොලිස් වසමේ ගජනායකගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 14 ක සචින්ත නිම්සර නැමැති පිරිමි ළමයෙකි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව කියන්නේ පුද්ගලික ආරවුලක අවසන් ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවය.
මෙම 14 හැවිරිදි පිරිමි දරුවා මිය ගොස් ඇත්තේ එහිදී සිය පියා ඉලක්ක කර තැබූ වෙඩි පහරකටය.
මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වනවිට වීරකැටිය ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය කියයි.
ප්‍රධාන සැකකරු පලා ගියත් තවත් සැක කරුවන් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඝාතන සිද්ධියේ සැකකරු සොයා විශේෂ පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද වීරකැටිය පොලිසිය ප්‍රකාශ කරයි.
වීරකැටියේ දී තාත්තාට තැබූ වෙඩි පහරින් 14 හැවිරිදි පුතා මරුට
2021-09-20T09:36:00+05:30
Gossip Lanka Hot News






