gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ආණ්ඩුව ධර්මපාලතුමාගෙ 157වැනි ජන්ම දිනය සැමරුවෙ අරක්කු වලින් - මුරුත්තෙට්ටුවේ හිමි

අනගාරික ධර්මපාල  මැතිතුමාගේ  157 වෙනි  ජන්ම දිනය දිනය මෙවර සැමරුවේ   මාසයකට අධික කාලයක්  වසා දමා තිබූ මත්පැන් අලෙවි සැල් විවෘත කර අරක්කු වලින් බව ජනහඬ සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය මුරුත්තෙට්ටු‌වේ ආනන්ද  හිමියෝ සඳහන් කළහ.

සෞඛ්‍ය අංශ රෝගය මර්ධනය කිරීම සදහා දැඩි කැපවීමෙන් කටයුතු කරන අවස්ථාවකදී මහජනතාවද විශාල කැපකිරීම් කරන මොහොතකදී මෙවැනි අදූරදර්ශී තීරණ  ගන්නා පුද්ගයා කවුරුන්දැයි රටට හෙළිකළ යුතු යැයි උන්වහන්සේ කියා සිටිති.

රටපුරා නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබෙන මොහොතකදී තැබෑරුම් විවෘත කිරීමෙන් රජය බලාපොරොත්තු වන්නේ පස්වන රැල්ලක ආරම්භ වීමට අවශ්‍ය අඩිතාලම   නිර්මාණය කිරීම බව ද උන්වහන්සේ පෙන්වා දෙති.

“රට රකින්න ජනබල  ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. ඒත්  දැන්  රටේ ජනතාව අපෙන්  අහන ප්‍රශ්නවලට අපිට උත්තර නෑ.“  ආනන්ද හිමියෝ  වැඩිදුරටත්  පැවසූහ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka