එන්නත්කරණයට ආ ජනතාවට පොලිස් ලොක්කෙක් පහර දෙයි.. ජනතාවගෙන් හූ වරුසාවක් - (video)
මාතර, වැලිගම, ගල්බොක්ක ප්‍රදේශයේ ඊයේ (01) පැවැති කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණ තිබුණා.
එන්නත් අවසන් වූ බව දැනුම් දී තිබුණත් ජනතාව දිගින් දිගටම එහි රැඳීසිටීම නිසා පසුව පොලීසිය කැඳවීමට සිදු වුණා.
ඒ අනුව එම ස්ථානයට පැමිණි වැලිගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ගම්වාසීන් ඉවත්කිරීමට කටයුතු කර තිබුණා.
එහිදී ඇතැම් පිරිස් පොලිසියේ බැටන් ප්‍රහාරයන්ට ලක්වන අයුරුද දැකගත හැකි වුණා. එමෙන්ම ජනතාව හු කියමින් එම ස්ථානයෙන් පිටත්ව යන අයුරුද දැක ගැනීමට හැකි වුණා.
එන්නත්කරණයට ආ ජනතාවට පොලිස් ලොක්කෙක් පහර දෙයි.. ජනතාවගෙන් හූ වරුසාවක් - (video)
2021-09-02T16:45:00+05:30
Gossip Lanka Hot News





