gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යුවළකට නවසීලන්තය ඉන්න හිටින්න දෙයි!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ කණ්ඩායමට මුදල් ගනුදෙනු සිදුකිරීම සඳහා උපකාර කළ බවට චෝදනා එල්ලවූ පුද්ගලයෙකුට සහ ඔහුගේ බිරිඳට නවසීලන්තය සරණාගතභාවය පිරිනමා තිබේ. අදාළ පුද්ගලයා ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක හෝ මතවාදවලට සහාය නොදැක් වූ බවට ඔහු ඉදිරිපත් කළ කරුණු පිළිබඳව නවසීලන්ත  බලධාරීන් සෑහිමකට පත්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

විදේශීය තැරැව්කරුවෙකුගේ සහ විදෙස්ගතවී සිටින ඥාතියෙකුගේ මැදිහත්වීම මත මේ පුද්ගලයා මුදල් හුවමාරු ක්‍රමවේදයක් යටතේ ගනුදෙනු කිහිපයක් සිදුකර තිබුණි.

අදාළ මුදල්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් වෙත ලබාදී ඇති බවට ලද සැකයක් මත ඔහුගේ බිරිඳ මෙරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අනතුරුව බිරිඳ ඇප මත නිදහස් කර ඇති අතර සැඟවී සිටි මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි විය.

මෙරට පොලීසියෙන් දඬුවම් විඳීමට සිදුවේ යැයි යන බියෙන් මෙම යුවල ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කොට නවසීලන්තයට පළාගොස් ඇති අතර ඉකුත් ජුනි මාසයේදී ඔවුන් එරට සරණාගතභාවය ලබාගැනීම සඳහා අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි.

තමා අමතර ආදායම් මාර්ගයක් ලෙස මෙම මුදල් ගනුදෙනු සිදු කළ ද ශ්‍රී ලාංකික බලධාරීන් තමා දේශද්‍රෝහි ක්‍රියාවක නිරතවූවෙකු සේ සලකා කටයුතු කරන බව ඔහු නවසීලන්ත බලධාරීන්ට පවසා තිබේ.

නවසීලන්ත බලධාරීන් පවසා තිබුණේ, ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක හෝ මතවාදලවට මේ යුවල සහාය නොදැක්වීම පිළිබඳව ඔවුන්ගේ සාක්ෂි විශ්වසනීය, ස්ථායී සහ ප්‍රතික්ෂේප කිරීමට නොහැකි ඒවා බැවින් සරණාගතභාවය පිරිනමන බවය. 

ඔවුන් සිදුකළ මුදල් ගනුදෙනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ පිරිස් වෙත ලබාදෙන බවට මේ යුවල නොදැන සිටි බවත් නවසීලන්ත බලධාරීන් විශ්වාසය පළ කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka