gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

'ඔබ මේ රටට කරපු හානිය හොදටම ඇති...කරුණාකර දේශපාලනයෙන් ඉවත් වන්න' - රනිල්ගේ ප්‍රකාශයට නාගානන්දගෙන් පිළිතුරු - (video)

පාර්ලිමේන්තුවේදී 1980 ගණන් වලදී සම්මත කරන ලද 14 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසත්‍ය බවට චෝදනා කරමින් පාර්ලිමේන්තුවට අපහාස කර ඇති නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුට එරෙහිව පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් නඟමින් කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

කථානායකවරයා මේ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදී පාර්ලිමේන්තුව සම්මත කරගත් නීතියක් සම්බන්ධයෙන් ගෙන යන වැරදී ප්‍රචාරය නැවැත්විය යුතු බවද වික්‍රමසිංහ මහතා සදහන් කළේය.

එවකට සිටි කතානායක දිවංගත ඊ.එල් සේනානායක මහතා 14 වන ව්‍යවස්ථා සංශෝධනය යැයි කියමින් තම නිල අත්සන යොදා ඇත්තේ පාර්ලිමේන්තුවෙන් අනුමත කළ ලියවිල්ලකට නොවන බව නාගනන්ද මහතා අධිකරණයට වැරදි ලියවිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් එසේම 14 වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක නොවන බවට අසත්‍ය අදහස් පළ කර තිබෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් කතානායකවරයාට දැනුම් දුන්නේය.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා කළ එම ප්‍රකාශය සම්බන්දයෙන් නගනන්ද කොඩිතුවක්කු මහතා යුටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් අදහස් දක්වා ඇත.

එම සාකච්ජාව පහතින් නරබන්න...


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka