gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගැබ්ගැනීම් පමා කරන කතාවෙන් අම්මලා බය වෙලා! ගබ්සා කරගැනීමේ ඉල්ලීම් වැඩිවෙලා!

කොවිඩ් වසංගත අවදානම යම්තාක් දුරකට පහව යන තෙක් ගැබ් ගැනීම් හැකිනම් වසරකින් පමා කරන්නැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු කළ ඉල්ලීම වැරැදි ලෙස අර්ථකතනය කරගත් ඇතැම් ගර්භණී මව්වරුන් තම කුසේ සිටින කළලය ගබ්සා කිරීමට වෛද්‍යවරුන්ගෙන් අවසර ඉල්ලා ඇතැයි කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් සඳහන් කරයි.

ගබ්සාවක් කිරීමට මෙරට නීතියෙන් ඉඩ ඇත්තේ ගර්භණී භාවය හේතුවෙන් මවගේ ජීවිතයට යම් හානියක් සිදුවන්නේ නම් පමණක් බවත් එයත් විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු තහවුරු කර තීබීම මත බවත් හෙතෙම පෙන්වාදේ.

ගර්භණී වී ඇති සියලුම මව්වරුන් අනියත බියක් ඇති කර ගතයුතු නොමැති අතර කොවිඩ් වයිරසය ආසාදනය වුවද ඉන් ඇතිවිය හැකි සංකූලතාවන් වළක්වා ගැනීමට කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම අනිවාර්යය යැයිද වෛද්‍ය ලැනරෝල් පෙන්වාදේ.

කොවිඩ් මර්දන එන්නත මගින් කුස තුළ වැඩෙන දරුවාට හෝ මවට කිසිදු හානියක් වන බව ලෝකයේ මෙතෙක් කරන ලද පර්​ෙය්ෂණයන්ගෙන් තහවුරු වී නැති බවද වෛද්‍යවරයා කියයි.

මෙරට දී එන්නත ලබාගත් ගර්භණී මව්වරුන් මේ වන විටත් දරුවන් බිහිකර ඇත. එම දරුවන්ටද කිසිදු සංකූලතාවක් ඇතිව නැතැයිද හෙතෙම සඳහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka