සරත් ලොහාන්ගේ කේස් එක විමර්ශනය කරයි
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර ඇති පැමිණිල්ල පිළිබඳව වහාම විමර්ශනයක් කරන ලෙසට නියෝග ලැබී ඇත.
ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇත.
හිටපු බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඉකුත් දොළොස් වැනි දා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි සිරකරුවන්ට සිදුකර තිබූ හිංසන ක්‍රියා සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කර තිබූ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.
සරත් ලොහාන්ගේ කේස් එක විමර්ශනය කරයි
2021-09-17T09:37:00+05:30
Gossip Lanka Hot News






