මෛත්‍රී බුලත් කොළයට පණ දෙන්න හදයි - සූම් එකෙන් රැස්වීමකුත් කැඳවලා!
එක්සත් ජනතා නිදහස් සන්ධානයට නව ප්‍රතිපත්ති මාලාවක් සහිතව නව මුහුණුවරකින් ගොඩනැගීම කෙරෙහි එම සන්ධානයේ අවධානය යොමු වී ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානය වසර කිහිපයකට පසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්‍ෂණය ඔස්සේ රැස්වූ අතර එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට නව ප්‍රතිපත්ති මාලාවක් සැකසීමේ දී ඉදිරිපත් කළ යුතු යෝජනා සම්බන්ධයෙන් මෙන්ම එය බුලක් කොළය ලකුණ යටතේම නව මුහුණුවරකින් ගොඩනැගීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.
මෛත්‍රී බුලත් කොළයට පණ දෙන්න හදයි - සූම් එකෙන් රැස්වීමකුත් කැඳවලා!
2021-09-16T07:57:00+05:30
Gossip Lanka Hot News





