gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මම හොරකම් නැවැත්තුවා... මට මඩ ගහන කුමන්ත්‍රණය වංචනික බන්ධනාගාර නිලධාරීන්ගේ වැඩක් - ලොහාන් රත්වත්තේ

තමාට  එරෙහිව යන මඩ ප්‍රචාර  ඇතැම් කූඨ වංචනික  බන්ධනාගාර නිලධාරීන් පිරිසකගේ  කුමන්ත්‍රණයක් බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබද හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසා ඇත.

දූෂිත බන්ධනාගාර නිලධාරීන්ගේ සොරකම් සහ ජාවාරම් අල්ලා නීතිය ක්‍රියාත්මක කළ නිසා  තමාට බන්ධනාගාරය ඇතුළතින්  කුමන්ත්‍රණයක් පැමිණි බවත් දූෂණ මර්දන වැඩපිළිවෙළ නිසා බොහෝ බන්ධනාගාර නිලධාරීන්ට  හොර ජාවාරම් කිරීමට නොහැකිවීමෙන් ඔවුන්  තමා සමග උරණව සිටි  බවත්  හෙතෙම කීවේය.

තමා වැලිකඩ සහ  අනුරාධපුර බන්ධනාගාරවලට ගිය බව සැබෑවක් නමුත්  ප්‍රචාරය වන ආකාරයේ කිසිදු  නොහික්මුණු සිද්ධියක් එම ස්ථානවලදී නොවූ බව පැවසූ රත්වත්තේ මහතා තමා ගියේ  එම බන්ධනාගාරවල තත්වය සහ  සිරකරුවන්ගේ සුබසාධන කටයුතු  පරික්ෂා කිරීමට බවද  පැවසුවේය.

බන්ධනාගාරවලට නිතර ගොස්  ඒවායේ  සිර මැදිරි සහ  මුළුතැන්ගෙවල් පරීක්ෂා කිරීම තමා පුරුද්දක් ලෙස කරගෙන ගිය බවද   ඔහු කීවේය.

තමා රූප සුන්දරියක් සමග  බන්ධනාගාරයට  ගිය බවටද  බොරු ප්‍රචාරයක් පතුරවමින් ඇති  බවත්  තමා එවැනි කාන්තාවන් ගැන අසා ඇති නමුත්  ඇය  පෞද්ගලිකව හඳුනන්නේ නැති බවත් ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka