gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රූ රැජිනක් සමග වැලිකඩට පැන ඇත්තේ ඇමති ලොහාන්!

පසුගියදා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී කලබැගෑනියක් ඇති කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇතුලූ පිරිසක් බව අද ‘ද මෝනින්’ පුවත්පත වාර්තා කරයි. ඒ ආකාරයෙන්ම ඔහු පසුගිය ඉරිදා සවස අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී එහි රඳවා සිටින කොටි සැකකරුවන් දෙදෙනකු ආයුධ පෙන්වා ඔහු ඉදිරියේ දණ ගස්වා ඇතැයිද වාර්තා කරයි.

මෙම තොරතුරු දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජන් පොන්නම්බලම් මහතා ද තහවුරු කර ඇත. ඔහු ට්විටර් සටහනක් තබමින් කියා සිටින්නේ ලොහාන් රත්වත්තේ මහතා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් බවයි. එසේ නොවේ නම් රජය විසින් ඔහුගේ සියලුම ධුරයන් අහෝසි කළ යුතු බවත් ඔහු කියා ඇත.

රජ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් නෙරපා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් ඔහුට එරෙහිව නඩු පවරන ලෙසත් දෙමළ ජාතික සන්ධානය ද රජයෙන් ඉල්ලා සිටී.

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස පැමිණ ඇති රථය පදවා ගෙන පැමිණ ඇත්තේ මෑතකදී පැවති ආන්දෝලනාත්මක රූ රැජින තරගයේ ජයග්‍රාහිකාවක බව ද එම වාර්තාව තවදුරටත් කියා සිටියි.

කෙසේවෙතත් බන්ධනාගාර ලොහාන් රත්වත්තේ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇත්තේ ජනමාධ්‍ය විසින් වාර්තා කර ඇති සිදුවීම් කිසිවක් සිදුවී නැති නිසා ඒ පිළිබදව අදහස් දැක්වීමේ අවශ්‍යතාවයක්ද නැති බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka