gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චමල් රාජපක්ෂ ප‍්‍රතිකාර ලබන රෝහලේ අත්බෝම්බය තබා ඇත්තේ එය මුලින්ම දුටු කෙනාමයි - අරමුණ හෙළිවෙයි

නාරාහේන්පිට ලංකා හොස්පිට්ල් පෞද්ගලික රෝහලේ වැසිකිළියක් තුළ තිබී පෙරේදා සොයාගත් මදුරු දඟරයක් සවි කළ අත් බෝම්බය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී පොලිසිය පුදුමයට පත් කළ සොයාගැනීමක් සිදු කරන්නට හැකිව ඇත. සිද්ධිය සිදුවූ අවස්ථාවේ ඒ සම්බන්ධ ඇතිවූ සැකයට කට උත්තර ලබාගත් දෙදෙනකු ඊයේ දින දවල් අත්අඩංගුවට පත්වූ අතර
එම දෙදෙනා කතා කරන ආකාරය ගැන ඇතිවූ සැකය මත දිගින් දිගටම ප්‍රශ්න කරද්දී එම බෝම්බය ගෙනවිත් වැසිකිලියේ තබා බෝම්බ බියක් ඇති බවට කතාව පතුරා ඇත්තේ ඉන් එක් අයකු බව හෙළිව ඇත.

අත්බෝම්බය එහි තබා ඒ පිළිබඳ ඔත්තුව ද ඔහු විසින්ම ලබාදී රෝහලෙන් ත්‍යාග මුදලක් ලබාගැනීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකර ඇති බව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී  අනාවරණ වී තිබේ.

ඊයේ උදේ වාර්තාවූයේ පුද්ගලයන් එකොළොස් දෙනකුගෙන් පමණ මේ සඳහා ප්‍රකාශ ලබා ගැනීමට පොලිසිය සූදානමින් සිටි බවයි.

කෙසේ වෙතත් වැඩිම සැකය සහිත දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගෙන සීසීටීවී ඇසුරින්ද විමර්ශන මෙහෙයවීමේදී මෙම දෙන්නා ගැන සැකය වැඩිපුර පැනනැගී ඇත.

ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකරන විමර්ශන වලට අමතරව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය ද විමර්ශන පැවැත්වීමට එකතු විය.

එම රෝහල් පරිශ්‍රයේ පළමුවන මහලෙහි වැසිකිළියට ගිය පුද්ගලයකු මෙම බෝම්බය මුලින්ම දැක ප්‍රධාන ආරක්ෂක නිලධාරීයාට කළ දැනුම් දීමකින් පසු ආරක්ෂක නිලධාරියා විසින් සුරක්ෂිතව බෝම්බය එම ස්ථානයෙන් ඉවත් කරන ලද අතර සේවකයන්ගේ රථ ගාල අසල ආරක්ෂාකාරීව තැබීමට කටයුතු කළ බව මුලින් වාර්තා විය.බෝම්බයට මදුරු දඟරය සම්බන්ධ කිරීමට යොදාගත් නූල මදුරු දඟරය දැල්වීමෙන් පසු දැවී යාමත් සමඟම බෝම්බය පුපුරා යාමට සකස් කර ඇති අයුරක් දිස්වුවද තාක්ෂණිකව එය සිදුවන්නට ඉඩක් නොතිබූ බව පසුව හෙළි විය.

බෝම්බය ඇති බවට සඳහන් කළ පුද්ගලයාම බෝම්බය තබා ඇති අතර ඔහුට මෙම බෝම්බය පිපිරවීමට අදහසක් තිබී නැත.

මෙම රෝහලේ චමල් රාජපක්ෂ ඇමතිවරයා හා තවත් ප්‍රභූ පුද්ගලයෙකු විශේෂ වශයෙන් මේ දිනවල ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන් දෙන්නා වෙනුවෙන් විශාල ආරක්ෂක විධිවිධාන සලසා ඇති පසුබිමක මෙම බෝම්බය රැගෙන විත් මේ ලෙස අටවා තිබුණි.

ප්‍රභූ පුද්ගලයන් දෙදෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා අතරවාරයේ බෝම්බයක් සොයාගත්තාය යන කාරණාව මත විශාල මුදල් ත්‍යාගයක් ලබාගත හැකිවේය යන අදහසින් බෝම්බය ඇටවූ බව අත්අඩංගුවට පත්වූ පුද්ගලයා පවසා ඇත. කෙසේ වෙතත් ඔහු කියන කරුණු තවදුරටත් විමර්ශනය කරන අතර ඔහුට මෙවැනි බෝම්බයක් සොයාගන්නට ලැබුනේ කෙසේද යන්න ගැනද පරීක්ෂණයක් අරඹා ඇත. ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka