gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෙන්ඩිස්ගෙන් හදිසි තීරණයක්! තීරණය පිටුපස දැවැන්ත චරිතයක්!

කුසල් මෙන්ඩිස් හදිසි තීරණයක් ගෙන තිබෙනවා.

ඒ ඔහු දිර්ඝ කාලයක් ක්‍රීඩා කළ CCC ක්‍රීඩා සමාජයෙන් ඉවත් වී SSC ක්‍රීඩා සමාජය සමඟ එක්ව තිබෙනවා.
කුසල් මෙන්ඩිස්ගේ මේ තීරණය පිටුපස ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයෙකු හා ශ්‍රී ලංකා ක්‍රීඩාව තුළ ප්‍රබල චරිතයක් සිටින බවයි දිනපතා පුවත්පතක් වාර්තා කර තිබුණේ.

පසුගිය ජුනි මාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත තරඟ සංචාරයක නිරතව සිටින අවස්ථාවේ ජෛව ආරක්ෂණ බුබුළ නීතිය උල්ලංඝනය කරමින් එංගලන්තයේ ඩර්හැම් වීදියේ විනෝද වූ බවට කුසල් මෙන්ඩිස්ට චෝදනා එල්ල වී තිබුණා.

ඒ අනුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්ද, මාස 06ක දේශීය තරඟ තහනමක් ද කුසල් මෙන්ඩිස් වෙත පනවනු ලැබුවා.

ලබන ජනවාරි මාසයේ සිට කුසල් මෙන්ඩිස් හට නැවත දේශීය තරඟ ක්‍රීඩා කිරීම සඳහා අවස්ථාව උදාවනු ඇතියි.

කුසල් මෙන්ඩිස් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සහ ආරම්භ පිතිකරු ධනුෂ්ක ගුණතිලකට මෙම චෝදනාව එල්ල වී තිබුණා.

උපුටා ගැනීම : AsianMirror


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka