කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ 40% කොටස් හිමිකර ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊයේ දිනයේදී මෙම නිවේදනය නිකුත් කර තිබේ.
අත්සන් කළ ගිවිසුමට අනුව නව LNG පර්යන්තයක් ඉදිකිරීම සඳහාද අදාල සමාගමට අවසරය හිමි වේ. නව පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2023 වසර තුළදී අවසන් කිරීමට නියමිතය.
යුගදනවි බලාගාරය සඳහා ආයෝජනය කිරීමට මෙන්ම මෙරට විදුලි බලාගාර සඳහා ගෑස් සැපයීමටද අවසර හිමිවන බවයි අදාල නිවේදනයේ සඳහන්ව තිබෙන්නේ.
