එකවර පඩි වැඩි කරන තෙක් වර්ජනය නවතන්නේ නෑ!
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව කැබිනට් අනුමැතිය හිමිවූ නිර්දේශ සුබෝධනී වාර්තාවේ කොටසක් ලෙස සලකා එකවර ගෙවන ලෙස සහ ඊට අදාළ චක්‍රලේඛ ඉදිරිපත් කරන ලෙස ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඉල්ලා සිටී.
එසේ කරන තෙක් වර්ජනය අත්නොහරින බව ද ඒ මහතා සඳහන් කළේය.
මෙම ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා සමග වහාම සාකච්ඡාවක් ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
අමාත්‍ය අනුකමිටුව මගින් ලබාදුන් නිර්දේශ පමණක් පිළිගෙන වර්ජනය අතහැරීමට සූදානම් නැති බවත් කැබිනට් පත‍්‍රිකාවකින් පමණක් වලින් ගැටළු විසඳිය නොහැකි බවත් පැවසූ ඔහු අදාළ කමිටු යෝජනා පිළිගෙන එක්වර වැටුප් වැටුප් වැඩිකළ යුතු බවත් ඒ සඳහා චක්‍රය ඉදිරිපත් කළ යුතු බවත් කියා සිටියේය.
එකවර පඩි වැඩි කරන තෙක් වර්ජනය නවතන්නේ නෑ!
2021-09-03T16:19:00+05:30
Gossip Lanka Hot News






