gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වුවහොත් කැටගොඩ යළි පාර්ලිමේන්තුවට?

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය රාජ්‍ය අමාත්‍යධූරයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමට නියමිත අතර එසේ වුවහොත් බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉල්ලා අස් වූ ජයන්ත කැටගොඩ මහතාට යළි පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව  හිමිකර දීමට නියමිත බව වාර්තා වෙයි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙලෙස සිය මන්ත්‍රී ධූරයෙන් සහ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන්නේ යළි මහ බැංකුවේ අධිපති ධූරය භාර ගන්නා ලෙස රජය විසින් කළ ආරාධනය පිළිගැනීම නිසා බව සඳහන්.  

මේ වන විට මහ බැංකු අධිපති ධූරය දරන මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලේ ඉහළ තනතුරකට පත්කෙරෙනු ඇති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ සහ වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ පුටුවල මෙම වෙනස මඟින් යළි ජයන්ත කැටගොඩ මහතා වෙත අවස්ථාව විවර වනු ඇති බවයි කියවුණේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වුවහොත් හිස්වන මුදල් රාජ්‍ය අමාත්‍යධූරය සම්බන්ධයෙන් නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී.දිසානායක සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන අයද බලාපොරොත්තුවෙන් පසුවන බව සඳහන්. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka