gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“අස්වෙන කතාව ඇත්තකුත් නෙවෙයි බොරුවකුත් නෙවෙයි ” - ඇමති කබ්රාල් කියයි

මුදල් , ප්‍රාග්ධන වෙළෙඳපොල සහ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය අමාත්‍ය ධුරයෙන් සහ මන්ත්‍රි ධුරයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීම ට මේ අවස්ථාවේ තමන් සූදානම් නොමැති බව සඳහන් කරයි. මෙම වාර්තා පිළිබඳ ව සත්‍යය අසත්‍යතාව දැන ගැනීමට ලංකාසර අමාත්‍යවරයා සම්බන්ධ කර ගත් අවස්ථාවේ ඔහු තවදුරටත් සඳහන් කළේ “ඔය කතාව දැන්ම පිළිගන්නත් බෑ ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ඔහොම යං“ යනුවෙනි.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් හට පවරා තිබූ වගකීම්වලින් විශාල කොටසක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට පැවරුණු නව කැබිනට් අමාත්‍යංශය වන සංවර්ධන අධීක්ෂණ කැබිනට් අමාත්‍යංශය යටතට පත් කළ අතර ඔහු වෙත ශේෂ වී තිබූ සෙසු වගකීම්ද එම අමාත්‍යංශයටම වරන ලෙස පසුගියදා රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යැවීමට කටයුතු කළේය.

ඔහුට මුදල් ප්‍රග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සම්බන්ද විසය පථයක් තිබණද ඔහුගේ විෂය පථයට යටත් වන ආයතන දෙක වන්නේ රාජ්‍ය උගස් හා ආයෝජන බැංකුව සහ නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව පමණකි.
කෙසේ වුවද ඔහුට යළිත් මහබැංකුවේ අධිපති දුරය බාර ගන්නා ලෙස ද ඉල්ලීමක් රජයේ ප්‍රබලයකු විසින් කර ඇති බවට වාර්තා වන අතර දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ මේ සම්බන්ධයෙන්ද තවමත් කබ්රාල් මහතා නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැති බවය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka