“අජිත් නිවාඩ් කබ්රාල් මට කිව්වා මහ බැංකු අධිපති ධුරය භාර ගන්න වෙනවා කියලා“ - ජගත් කුමාර
මහ බැංකු අධිපති ධූරය භාර ගැනීමට සිදු වේවියැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා තමාට ඊයේ(07)දින පැවසූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.
ඔහු මේ බව පැවසුවේ අද(08)දින පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධූරය භාර ගැනීමට සූදානම් වන්නේදැයි යන්න පිළිබඳව මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ජගත් කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ජනාධිපතිතුමාගේ සහ මුදල් අමාත්‍යවරයාගේ ඉල්ලීමක් මත කබ්රාල් මහතා මෙම තීරණය ලබා ගන්නා බවය.
“අජිත් නිවාඩ් කබ්රාල් මට කිව්වා මහ බැංකු අධිපති ධුරය භාර ගන්න වෙනවා කියලා“ - ජගත් කුමාර
2021-09-08T19:47:00+05:30
Gossip Lanka Hot News





