gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රට ගමන් කරන්නේ දැවැන්ත විනාශයකට? සෞඛ්‍ය ප්‍රධානියා කළ හෙළිදරව්ව

කොවිඩ් පාලනය කිරීම සහ සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය අංශවලට තනිව කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පවසනවා. කොවිඩ් අර්බුදය හමුවේ මෙරට සෑම පුරවැසියෙක් සහ ආයතනයක්ම වගකීමෙන් කටයුතු නොකළොහොත් රට දැවැන්ත විනාශයකට ගමන් කරනු ඇතැයි ද ඔහු අවධාරණය කරනවා.

නිරෝධායන ඇදිරිනීතිය යලි දීර්ඝ කිරීමට තීරණය කර ඇත්තේ කොවිඩ් වසංගතයේ වත්මන් තත්වය අධ්‍යයනය කිරීමෙන් පසුව බවත් මහජනතාවගේ සංචරණයන් සීමා කිරීම සදහා අදාල ආයතන නිවැරදිව සිය යුතුකම් ඉටු කළ යුතු බවත් හේමන්ත හේරත් මහතා සඳහන් කළා.

ලෝකයේ නව කොවිඩ් ප්‍රභේදවලට වැට කඩොලු බැඳිය නොහැකි වුවත්, සෞඛ්‍ය මාර්ගෝපදේශ ආරක්ෂා කරමින් වසංගතය පාලනය කළ හැකි බව හෙතෙම පෙන්වා දුන්නා.

ඔහු මේ බව සදහන් කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කොවිඩ් මරණ 202ක්

මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම හේතූවෙන් පුද්ගලයින් 202 දෙනෙකු පෙරේදා (02) මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තහවුරු කළා.

ඒ අනුව කොරෝනා ආසාදනයවීම හේතූවෙන් මියගිය සමස්ථ මරණ සංඛ්‍යාව 9806 ක්.

මියගිය 202 දෙනාගෙන් 155 දෙනෙකු වයස අවුරුදු 60ට වැඩි අය වන අතර 42 දෙනෙකු වයස අවුරුදු 30ත් 59ත් අතර පසුවන්නෝද ඉතිරි 05 දෙනා වයස අවුරු 30 අඩු අයද වෙයි.

මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් 113 දෙනෙකු හා කාන්තාවන් 89 දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.

දෛනික ආසාදිතයින් 3,644ක්

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසූවේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 864 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගත් බවයි.

ඊයේ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,644ක්.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 451,401ක් දක්වා ඉහළගොස් තිබෙනවා

එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතව සිටි 1,998ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 380,166ක්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka