ගිනී හමුදාව රටේ බලය අල්ලා ඇඳිරි නීතිය පනවයි! ජනපති අත්අඩංගුවේ!
බටහිර අප්‍රිකානු ගිනී රාජ්‍යයේ විශේෂ බලකා හමුදා සෙබළුන් එරට ජනාධිපතිවරයා සිය ග්‍රහණයට ගෙන පාලන බලය සියතට ගෙන ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කුමන්ත්‍රණයෙන් පසු හමුදාව රජය විසුරුවා හරින බව පවසා නැවත දැනුම් දෙන තුරු රට පුරා ඇඳිරි නීතිය පනවා ඇත.
තව ද කුමන්ත්‍රණයෙන් පසු හමුදාව නිවේදනය කර ඇත්තේ, ආණ්ඩුකාරවරුන් සහ අනෙකුත් ඉහළ පරිපාලකයින් වෙනුවට හමුදා නලධාරීන් පත් කරන බවයි.
හමුදා සෙබළුන් ජනාධිපති ඇල්ෆා කොන්ඩේ වට කර ගෙන සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී ඇති නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එහි නිරවද්‍යතාව හෝ ජනාධිපතිවරයා සිටින්නේ කුමන ස්ථානයක ද යන්න අපහැදිලි බවයි.
මේ අතර මෙම සිදුවීම් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇතුළු කලාපීය හා ජාත්‍යන්තරය දැඩිව හෙළා දැක ඇති අතර එ.ජා. මහලේකම්වරයා පවසන්නේ, ජනාධිපතිවරයා වහාම නිහස් කරන ලෙසයි.
ගිනී හමුදාව රටේ බලය අල්ලා ඇඳිරි නීතිය පනවයි! ජනපති අත්අඩංගුවේ!
2021-09-06T11:47:00+05:30
Gossip Lanka Hot News






