හමුදාපතිවරයා සෞඛ්‍ය ලේකම් හරහා තමනට අවශ්‍ය පරිදි එන්නත් ලබා ගන්නවා - GMOA
යුද හමුදාපතිවරයා තමන්ට එන්න අවශ්‍ය පරිදි සෞඛ්‍ය ලේකම්වරයා හරහා වසංගත රෝග විද්‍යා අංශයෙන් එන්නත් ලබා ගනිමින් සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එසේ ලබා ගන්නා එන්නත් හමුදාව මගින් එන්නත්කරණයට යොදා ගන්නා බවද පැවසූ ඔහු වසංගත රෝග විද්‍යා ඒකකය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පාලනයෙන් ගිලිහී ගොස් ඇතැයිද ඔවුන් කියා සිටී.
එම සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින් ද හේරත් මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් එන්නත්කරණය අවසන් නොකළ ඇති පසුබිමක 20-30ත් අතර අයට එන්නත්කරනය ආරම්භ කිරීම තාක්ෂණික ක්‍රමවේදයෙන් බැහැර යාමක් බවද ඔහු පැවසීය.
එමෙන්ම ප්‍රමුඛතා දිස්ත්‍රික්ක තෝරාගැනීමේදී ද විශාල ගැටලුවක් ඇති වී තිබෙන බවත් හම්බන්තොට යනු ප්‍රමුඛතාව දිස්ත්‍රික්කයක් නොවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
හමුදාපතිවරයා සෞඛ්‍ය ලේකම් හරහා තමනට අවශ්‍ය පරිදි එන්නත් ලබා ගන්නවා - GMOA
2021-09-07T15:33:00+05:30
Gossip Lanka Hot News






