gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මුදල් පනත් කෙටුම්පත සම්මතයි : හෙළි නොකළ වත්කම්වලටත් සෙත සැදේ!

හෙළි නොකළ වත්කම් නීත්‍යානුකූල තත්ත්වයට පත් කිරීමට ඉඩ සැලසෙන මුදල් පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 90කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

කෙටුම්පතට පක්ෂව ඡන්ද 134 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 44 කි.

මුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ, හෙළිදරව් නොකළ බදු – වත්කම් හා ආදායම් ස්වේච්ඡාවෙන් හෙළි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මූලික කර ගනිමින් ය.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ ය.

එහිදී නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ, වගන්ති කිහිපයක් සංශෝධනයට ආණ්ඩුව පියවර ගන්නා බවයි.

ජාතිය ගොඩනැගීමේ බදු පනතේ හෝ ආර්ථික සේවා ගාස්තු පනතේ විධිවිධාන මත වන තක්සේරුවක් මේ වසරේ ජනවාරි 01 වැනිදා හෝ ඉන් පසු නිකුත් කරනු නොලැබිය යුතුය යන්න පනත් කෙටුම්පතෙන් මුළුමනින්ම ඉවත් කළ යුතු 17 වැනි වගන්තියේ සඳහන් විය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka