කොරෝනා සුවකරන්න විශ්ව ශක්ති මුට්ටි ඇමතිවරුන් ලවා ගංගාවලට දැමූ 'ඒලියන්තටත්' කොරෝනා හැදීලා!
විශ්ව ශක්තියෙන් රෝග සුවකරන බව පවසන දොස්තර එලියන්ත වයිට් මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා බව වාර්තා වේ.
ඒ මහතා පසුගිය කාලයේදී කොරෝනා රෝගය පහව යාම සඳහා විශ්ව ශක්තියෙන් යුත් කළ යැයි කියමින් මුට්ටි කිහිපයක් ගංගාවලට අත්හැරීම නිසා සමාජයේ කතා බහට ලක්විය.
කැබිනට් අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, උදය ගම්මන්පිල හා ප්‍රසන්න රණතුංග යන මහත්ම මහත්මීහුද ඔහු ලබාදුන් මෙම විශ්ව ශක්ති මුට්ටි ගංගාවලට අත් හැරීම සිදු කළේය.
එලියන්ත වයිට් මහතා විසින් මාදු ගඟට ද, ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කළු ගඟට ද, ඇමති උදය ගම්මන්පිල හා ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් විසින් කැලණි ගඟට ද අදාළ මුට්ටි අත්හැරීම සිදු කළේය.
ඔහුව ඇතැමුන් රාජකීය ජීවකයා ලෙස ද හඳුන්වනු ලබයි.
කොරෝනා සුවකරන්න විශ්ව ශක්ති මුට්ටි ඇමතිවරුන් ලවා ගංගාවලට දැමූ 'ඒලියන්තටත්' කොරෝනා හැදීලා!
2021-09-08T21:37:00+05:30
Gossip Lanka Hot News






