බොබ් මාලි ඇල්පිටියේදී අත්අඩංගුවට!
චමින්ද තාබෲ නොහොත් බොබ් මාලි නැමති සැකකරු ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් විසින්. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු වන මොහු පිළිබද පොලීසිය මහජන සහායද ඉල්ලා තිබුණා.
ඉකුත් අගෝස්තු 31 වනදා බේරුවල මුහුදු තීරයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 288කට අධික තොගයක් සහ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.
එම ජාවාරම මෙහෙය වූ පුද්ගලයා ලෙස චමින්ද තාබෲ නොහොත් බොබ් මාලි හඳුනා ගෙන තිබෙනවා
බොබ් මාලි ඇල්පිටියේදී අත්අඩංගුවට!
2021-09-09T15:58:00+05:30
Gossip Lanka Hot News





