'කසිප්පු බොන එක ඇඟට හොඳ නෑ... ඒකයි බාර් ඇරියෙ' - එස්.බී.ත් බාර් ඇරපු හේතුව හොයා ගනී (video)
සුරාසැල් වසාදමා තිබෙන විට මහජනයා විවිධ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට යොමුවන හෙයින් සුරාසැල් විවෘත කළ බව පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පසුගිය දිනවලදී නිරෝධායන ඇඳිරි නීතිය පනවා සුරාසැල් ද වසා තැබීම හේතුවෙන් ග්‍රාමීය මට්ටමින් විෂ මත්පැන් නිෂ්පාදනය ඉහළ ගොස් ඇති නිසා එම උවදුරින් ජනතාව බේරා ගැනීම මෙහි මූලික අරමුණ වූ බවයි.
කොවිඩ් තත්වය හේතුවෙන් නීතිවිරෝධී මත්පැන් වැටලීමද අසීරු බැවින් සුරාසැල් විවෘත කිරීමෙට තීරණය කළේ කවුරුන්ද යන්න සොයා බැලීමට වඩා වැදගත් වන්නේ විවෘත කළේ කුමන අරමුණක් මත යන්න වටහා ගැනීමට උත්සුක විය යුතු බවද ඔහු අවධාරණය කළේය.
'කසිප්පු බොන එක ඇඟට හොඳ නෑ... ඒකයි බාර් ඇරියෙ' - එස්.බී.ත් බාර් ඇරපු හේතුව හොයා ගනී (video)
2021-09-22T10:07:00+05:30
Gossip Lanka Hot News






