gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රන්පදක්කම් ලාභී දිනේෂ්ට කෝටි 5ක්..සමිතට කෝටි 2ක්!

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී ලෝක වර්තාවක් තබමින් ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට පැරාලිම්පික් රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටි පහක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යංශය ඊයේ (01) තීරණය කර ඇත. ඒ අනුව මෙරට ක්‍රීඩා ඉතිහාසයේ තනි තරග ඉසව්වක ජයග්‍රහණයක් වෙනුවෙන් ක්‍රීඩකයෙක් වෙත පිරිනමනු ලබන ඉහළම ත්‍යාග මුදල ලෙසින් මෙය සටහන් වනු ඇත.

එසේම එම උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන්ට මුදලින් රුපියල් කෝටි දෙකක්ද පිරිනැමීමට තීරණය වී ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේම පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්තටද මෙම ක්‍රීඩකයන්ට හිමිවන ත්‍යාග මුදල් මෙන් සියයට විසි පහක ත්‍යාග මුදලක් ලබාදීමට තීන්දු වී ඇතැයි පැවසෙන අතර ඒ අනුව ප්‍රදීප් නිශාන්තට රුපියල් ලක්ෂ එකසිය හැත්තෑ පහක මුදලක් පිරිනැමීමට නියමිතය.

මෙම ක්‍රීඩකයන් දිනාගත් පදක්කම් වෙනුවෙන් මෙවැනි ඇගයීමක් ලබාදීම මගින් මෙරට සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකරුවන්ටද බලවත් උ’ත්තේජනයක් හිමිකර දීම ක්‍රීඩා අමාත්‍යංශයේ අරමුණ වී තිබේ.

මෙකී ත්‍යාග මුදල තීරණය කිරීම ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වයාද ඇතුළුව, ජාතික ක්‍රීඩා සභාව වෙත පවරනු ලැබීය. ඒ අනුව ඊයේ (1 වැනිදා ) සවස රැස්වූ එම සාමාජිකයන් විසින් මෙම තීරණය ගෙන ඇත.

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී එෆ් 46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර 67.79ක දුරක් සහිතව නව ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කම දිනාගැනීමට දිනේෂ් ප්‍රියන්ත සමත් වූ අතර එෆ් 64 පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර 65.61ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනාගැනීමට සමිත දුලාන් සමත් විය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka