gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කොළඹ බැංකුවක් අසලදී පුද්ගලයෙක් ගිනි තබා ගනී!

කොළඹ කුරුඳුවත්ත ප‍්‍රදේශයේ පුද්ගලික බැංකුවක් අසලදී ඊයේ (7 දා) සවස පුද්ගලයකු සිය සිරුරට ගිනි තබාගෙන ඇතැයි කුරුඳුවත්ත පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා ප‍්‍රදේශවාසීන් විසින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන ඇත.

මෙලෙස ගිනි තබාගත් පුද්ගලයාගේ අනන්‍යතාව හෙළිකර ගැනීමට කටයුතු කරන බවත් රෝහල්ගත කළ එම පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන බවත් කුඳුරුවත්ත පොලිසියේ ප‍්‍රකාශකයෙක් ඊයේ (7 දා) සවස ‘දිවයින’ට සඳහන් කළේය.

මෙම පුද්ගලයා කුමන හේතුවකට සිය ශරීරයට ගිනි තබා ගත්තේ දැයි මෙතෙක් හෙළිව නොමැති අතර ඔහු මන්ද මානසික තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයකු විය හැකි යැයි පොලිසිය සැක පහළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරයි.

සුජීව තත්සර


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka