CIDය දප්පුල ද ලිවේරාගෙන් ප්‍රශ්න කරන්නට සැරසෙයි!
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවට කළ ආන්දෝලානාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට ඉදිරියේදී ක්‍රියාකරනු ඇතැයි ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න සදහන් පවසයි.
හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (09) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීවේ දී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“හිටපු නීතිපතිතුමා පාස්කු ප්‍රහාරය විශාල කුමන්ත්‍රණයක් කියලා කිව්වා. ඔහුවත් CIDයට කැදවා ප්‍රශ්න කිරීමක් කරනවද? හිටපු නීතිපතිවරයාව සී.අයි.ඩී.යට ගෙන්වල ප්‍රශ්න කිරීමක් කරන්න පුළුවන්ද?” යනුවෙන් මාධ්‍යවේදියා ප්‍රශ්නය යොමු කළේය.
එහිදී ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ, “බැරිකමක් නැහැ. නීතිපතිතුමා එම තනතුරෙන් ගියාට පස්සේ ඔබත් මමත් වගේම සාමාන්‍ය පුරවැසියෙක්. ඔබතුමා කියපුදේ ගැන අපිත් සැළකිල්ලට භාජනය කරල තියෙනවා. කවුරු වුණත් ප්‍රකාශයක් කරල තියෙනව නම් එය සී.අයි.ඩී.යේ පරීක්ෂණයට අවශ්‍ය දෙයක් නම් අපි ඒ ගැන පරීක්ෂණ පවත්වනවා. ඉදිරියේදී ඒ ගැන සී.අයි.ඩී.ය ක්‍රියා මාර්ගයක් ගනියි.”
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ද මෙම මාධ්‍ය හමුවට සහභාගිවී සිටියේය.
CIDය දප්පුල ද ලිවේරාගෙන් ප්‍රශ්න කරන්නට සැරසෙයි!
2021-09-10T09:46:00+05:30
Gossip Lanka Hot News





