gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීන බැංකු මූලස්ථානයක් කොළඹට! සියලු පහසුකම් දෙන්න රජය සූදානම්!

චීන සංවර්ධන බැංකුවේ ප්‍රාදේශීය ශාඛා මූලස්ථානය කොළඹ වරාය නගරයේ ඉදි කරන්නේ නම් ඊට සියලු පහසුකම් සලසා දිය හැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබෙනවා. මුදල් අමාත්‍යවරයා මේ යෝජනාව සිදුකර ඇත්තේ පසුගිය දා චීන පාර්ලිමේන්තු කතානායකවරයා ඇතුලු ඉහළ දූත පිරිසක් සමග සූම් තාක්ෂණය ඔස්සේ පසුගිය 31 වැනිදා පැවැති සාකච්ඡාවක දීය.

එම සාකච්ඡාවට මෙරට පාර්ලිමේන්තුවේ කතානායකවරයා ඇතුලු තවත් මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා.

එමෙන්ම මෙම සාකච්ඡාවේදී චීන ව්‍යාපාරිකයන් හට වරාය නගරයේ ආයෝජන සිදු කිරීම සඳහා දිරිමත් කරන්නයි බැසිල් රාජපක්ෂ  මුදල් අමාත්‍යවරයා චීන කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

චීන කතානායකගෙන් යහපත් ප්‍රතිචාර

මෙම යෝජනාවට ඉතා යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති චීන කතානායකවරයා පවසා ඇත්තේ මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සමීප මිතුරෙකු ලෙස චීනය හැකි සෑම උපකාරයක් ම සිදුකරන බවයි.

එමෙන්ම පවතින කොරෝනා වෛරස තත්ත්වය සමනය වීමෙන් අනතුරුව දූත කණ්ඩායම් හුවමාරුවක් ද සිදු කළ යුතු බවට මෙහිදී චීන පාර්ලිමේන්තුවේ කතානායක ලී සාන් ෂූ මහතා පවසා සිටියා.

පසුගියදා ශ්‍රී ලංකා රජය මෙරට අමෙරිකානු ඩොලර් සංචිත ශක්තිමත් කර ගැනීම සඳහා චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350 ක ණය මුදලක් ද ලබා ගත්තා.

පවතින ආර්ථික අභියෝගය ජය ගැනීමට චීන - ශ්‍රී ලංකා මහබැංකු අතර ඇ.ඩො. බිලියන 1.5 ක මූල්‍ය හුවමාරුවට අදාළ ගිවිසුමේ යම් තාක්ෂණික කරුණු හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇති පසුබිමක ඒ පිළිබද කාරුණික අවධානය යොමු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා චීන කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඇමැති බැසිල්ගෙන් තවත් ඉල්ලීමක්

එසේම තවද ශ්‍රී ලංකා චීන නිදහස් වෙළද ගිවිසුම යටතේ ඇගලුම් ,තේ සහ මැණික් වැනි කර්මාන්ත ක්ෂේත්‍රවලට චීන වෙළදපළට ප්‍රවිශ්ට වීම සදහා පහසුකම් පුළුල් කර දෙන ලෙසද මුදල් අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියා.

තවද මෙරට ආයෝජන අවස්ථා සදහා චීනයේ සහය අපේක්ෂා කරන බවද මුදල් අමාත්‍යවරයා පවසා සිටියා.

චීනයේ තෙවැනි පුරවැසියා මෙන්ම චීන ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු සේ සැලකෙන එරට මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා, මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු උප සභාපති (නියෝජ්‍ය කථානායක) වූ වේහුවා මහතා, චීන මුදල් අමාත්‍ය ලියු කුන් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ දූත පිරිසක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගී වූ මෙම හමුව කොවිඩ් වසංගත තත්ත්වය පැමිණි පසු චීන පාර්ලිමේන්තුව පැවැත්වූ පළමු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාව වීම විශේෂත්වයක්.

මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මෙම අවස්ථාවට කථානායක මහින්ද යාපා අබේවර්ධන, නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තුවේ සභානායක සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස්, තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සහ මහාචාර්ය රොහාන් ගුණරත්න යන මහත්වරු සහභාගී වී තිබෙනවා.

-Asian Mirror 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka