මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලබන 16 වැනි දින මහබැංකු අධිපති ධූරයේ වැඩ බාරගැනීමට තීරණය කොට ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි. ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත වත්මන් මහබැංකු අධිපති ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් මහතා සහ කබ්රාල් යන මහත්වරුන් තමන් දැනට දරන තනතුරුවලින් ඉල්ලා අස්වීමට නියමිතය.
ඒ අනුව මේ වනවිට විශේෂ කැබිනට් මණ්ඩල පත්රිකාවක්ද කබ්රාල් මහතා වෙනුවෙන් සකස් වෙමින් පවතින බව දැනගන්නට තිබේ.
ඒ, කබ්රාල් මහතා විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසී ඉටුකරලීම සදහාය.
තමන් මහබැංකු අධිපති ධූරය බාරගැනීමට නම් අමාත්‍ය බලතල සහිතව එය හිමිවිය යුතු බවට කබ්රාල් මහතා විසින් කොන්දේසියක් ඉදිරිපත් කොට තිබිණ.
එය ඉටු කිරීම සදහා මෙම විශේෂ කැබිනට් පත්‍රිකාව සකස් වෙමින් පවතින බව දැනගන්නට ඇත.
-mawratanews