gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අමරදේව අමතක වෙලා; භස්මාවශේෂත් තවම ජයරත්න මල් ශාලාවේ

හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ භාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන් සිහිකිරීම වෙනුවෙන් මීට වසර හතරකට පෙර රුපියල් කෝටි 20ක පමණ වියදමින් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ඉදි කිරීම ඇරඹුණු අමරදේව අසපුවේ ගොඩනැගිලි මේ වන විට වල් බිහිවෙමින් පවතී.

මෙම අසපුවේ කොටසක තැන්පත් කිරීමට නියමිත පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ගේ භස්මාවශේෂ ද වසර පහක පමණ කාලයක් තිස්සේ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙන බව වාර්තා වේ.

එසේම ඉකුත් මාර්තු මස අභාවප්‍රාප්ත වූ විමලා අමරදේවයන්ගේ භස්මාවශේෂ ද මෙහි තැන්පත් කිරීම සඳහා බව කියමින් එම මල් ශාලාවේම තැන්පත් කර ඇතැයි ද පැවසේ.

මෙරට දරුවන්ට සංගීතය හැදෑරීම සඳහා අමරදේව අසපුව නමින් ඉන්දියාවේ ශාන්ති නිකේතනය වැනි ආයතනයක් ආරම්භ කිරීම පණ්ඩිත් අමරදේවයන් ජීවත්ව සිටි සමයේ දී කළ ඉල්ලීමකි.

ඒ මහතාගේ එම ඉල්ලීම ඉටු කරන බවට එතුමාගේ අවසන් කටයුතු සිදුකළ 2016 වසරේ නොවැම්බර් මාසයේදී එවකට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රතිඥාවක් දුන් අතර ඒ අනුව මෙහි ඉදිකිරීම් අපේගම පරිශ්‍රයේ පර්චස් 120 ක භූමි භාගයක් වෙන් කොට දී එහි ඉදිකිරීම් ආරම්භ වූයේ 2017 වසරේ අගෝස්තු 28 වැනිදාය.

අමරදේව අසපුව පුස්තකාලයක්, ලේඛනාගාරයක්, කෞතුකාගාරයක්, ම්මන්ත්‍රණ ශාලාවක්, ශබ්දාගාරයක් හා එළිමහන් රඟහලක් ආදී අංග රැසකින් සමන්විතව සැලසුම් කර තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අමරදේව අසපුව 2019 අගෝස්තු 31 දා ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන ලෙස අදාළ නිලධාරීන්ට එම වසරේ ජුනි මස උපදෙස් දී තිබුණත් එහි ඉදි කිරීම් කළ කොන්ත්‍රාත් සමාගමේ දුර්වලතා හේතුවෙන් එහි ඉදිකිරීම් මේ වන විටත් අවසන් කිරීමට නොහැකි ව ඇතැයි පැවසේ.

එවකට ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඉදිකිරීම් ආරම්භ වූ මෙහි කටයුතු අවසන් කිරීමේ වගකීම වත්මන් රජය යටතේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතට පැවරී තිබේ.

විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍යට පවසා ඇත්තේ එම අසපුවේ ඉදිකිරීම් මෙතෙක් කල් ප්‍රමාද වීම ගැන තමා කණගාටුවන බවයි.

එහි ඉදිකිරීම් ලබන වසරේ අවසන් කිරීම තම බලාපොරොත්තුව බවත් කී ලේකම්වරයා තම සේවා කාලය අවසන් වීමට පෙර කෙසේ හෝ එය ඉටු කරන බව ද පවසා ඇත.

මේ අතර එම අසපුව ඉදිකිරීමට වෙන්කර ඇති මුදලින් ඉතිරිවී ඇති රුපියල් කෝටි 15 ක් වැනි මුදලින් මෙහි ඉතිරි ඉදිකිරීම් කටයුතු සිදුකිරීම අභියෝගයක් වී ඇති බවද ඔහු කියා සිටී.

අදාල ඉදිකිරීමට මුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එය කොන්ත්‍රාත් සමාගමකට දී ඉදිකිරීමට නොහැකි වී ඇතැයි ද පෙන්වා දී ඇති ලේකම්වරයා ආරක්ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරයා සමඟ සාකච්ඡා කර නාවික හමුදා ශ්‍රම දායකත්වය යටතේ මෙහි ඉදිකිරීම් සිදු කිරීමටත්, මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය සහයෝගයෙන් තිබෙන මුදලින් මෙහි කටයුතු අවසන් කිරීමට මේ වනවිට සැලසුම් කර ඇතැයි ද ඔහු පවසා තිබේ

මෙය බත්තරමුල්ල පේ ගම පරිශ්‍රය වැනි ස්ථානයක ඉදිකිරීම යහපාලනය රජය ගත් ඥානාන්විත තීරණයක් බව ද හෙතෙම පවසා ඇත.

මූලාශ්‍රය - ලංකාදීප
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka