ආණ්ඩුවේ සුළු පක්‍ෂ මෛත‍්‍රි නිවසේ කඩු මදිති… යුගදනවි දුන්නාට සටන අරඹති…
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් අද පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේ දී හමුවී සාකච්ඡා කර තිබේ. මෙම හමුවේදී සාකච්ඡා කර ඇත්තේ යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීම පිළිබඳවයි.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු තම අදහස් ජනාධිපතිවරයාට අගමැතිවරයාට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ඊයේ පස්වරුවේ ද මේ සම්බන්ධයෙන් රැස්වී සාකච්ඡා කළ අතර එහිදී ඔවුන් කියා සිටියේ මෙම ක්‍රියාවලිය අත්හිටුවීම සඳහා දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් වන බවයි.
ආණ්ඩුවේ සුළු පක්‍ෂ මෛත‍්‍රි නිවසේ කඩු මදිති… යුගදනවි දුන්නාට සටන අරඹති…
2021-09-22T02:26:00+05:30
Gossip Lanka Hot News






