ඇමති ලොහාන් බීමතින් ආවා.. ලෝඩ් කල පිස්තෝලයෙන් වෙඩි තියන්න හැදුවත් පත්තු වුනේ නෑ..- සිරකරුවෝ කියති..
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී සිදු කර ඇතැයි කියන කලබැගෑනිය සත්‍ය එකක් බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තියා සිටිති.
අදාළ සිදුවීම ගැන සොයා බැලීම සඳහා එම බන්ධනාගාරයට ගිය මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, කාවින්ද ජයවර්ධන, රෝහන බණ්ඩාර යන මන්ත‍්‍රීවරන් කියා සිටියේ බීමතින් බන්ධනාගාරයට ඇතුළු වි ඇති අමාත්‍යවරයා පිස්තෝලය සිරකරුවන්ගේ හිසට තබා තර්ජනය කර ඇති බවයි.
උණ්ඩ ලෝඩ් කරන ලද පිස්තෝලය ඒ මොහොතේ ක්‍රියාත්මක නොවූ බවත් බන්ධනාගාර නිලධාරින් විසින් තමන් බේරා ගත් සිරකරුවන් පැවසූ බවද ඔවුන් කියා සිටියහ.
ඇමති ලොහාන් බීමතින් ආවා.. ලෝඩ් කල පිස්තෝලයෙන් වෙඩි තියන්න හැදුවත් පත්තු වුනේ නෑ..- සිරකරුවෝ කියති..
2021-09-19T08:27:00+05:30
Gossip Lanka Hot News






