gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"මිනිස්සු සල්ලි නෑ කිව්වට බලන්න එපැයි බාර් ළඟට ගියාම..පෝලිම"

මේ වනවිට ග්‍රාමීය ප්‍රදේශවල නීතිවිරෝධි මත්පැන් එන්න එන්නම වැඩි වී ඇති බවත් එම මත්පැන් වර්ග පානය කිරීමෙන් ජනතාව රෝගීන් බවට පත් වන බවත් එය විශාල ප්‍රශ්නයක් නිසා වයින් ස්ටෝර්ස් විවෘත කිරීමට ආණ්ඩුව අවසර දුන් බවත්  වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

රට පුරා වයින් ස්ටෝර්ස් සහ බීර කෑන් සහ බෝතල් ලෙස අලෙවි කරන ස්ථාන විවෘත කිරීමට අවසර දීම පිළිබඳව කළුතරදී අදහස් පළකරමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

ජනතාව අත මුදල් නැතැයි, කියමින් රජයෙන් දීමනා ඉල්ලුව ද බාර් විවෘත කිරීමත් සමග මත්පැන් අලෙවිසැල් අසල දිගු පෝළිම් දක්නට ලැබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

”රජයෙන් අවසරයක් නොදි බාර් අරින්න බෑනේ. රජයෙන් අවසරයක් දුන්නම තමයි ඒ මත්පැන් හල් විවෘත්ත කරලා තියෙන්නේ. ලියාපදිංච් තැන්, විවෘත්ත කිරිමක් කරලා තියෙනවා.  දෙයිහාමුදුරුවනේ සල්ලි නෑ.. සල්ලි නෑ.. කිව්වට බලන්න ඇපැයි බාර් ගාවට ගියාම, දැන් අපෙන් කියනවා රුපියල් 2000 ක් දෙන්න කියනවා කන්න නෑ කියලා 5000 ක් දෙන්න කියනවා.බාර් ටික ඇරලා තිබුනාම මගේ අම්මේ ඊයේ කිලෝ මිටර් එක හමාරක් විතර තිබුණා පෝලිම”

රට රකින ජන හඬ සංවිධානයේ සභාපති පූ ජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනනන්ද හිමියන්ද මත්පැන් අලෙවිසැල් විවෘත් කිරීම අවසර දීම සම්බන්ධයෙන් අදහස් පළ කළහ.

උන්වහන්සේ පවසන්නේ, පළමු වනදා තෙක් රට වැසීමේ තීරණය මත නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වූවා නම්, මත්පැන් හල් අසල එතරම් පෝලිම් ඇති නොවන බවයි.

චක්‍රලේකයට පමණක් සීමා නොවී නීතිය නිසි ලෙස කියාත්මක වන්නේ නම්, රට මෙතරම් දුර්වල නොවන බවයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka