තමාට කොවිඩ් - 19 වයිරසය ආසාදනයවී ඇති බව තහවුරුවූ බව පාර්ලිමේන්තු මන්ත්රී චන්දිම වීරක්කොඩි මහතා කියයි. රෝග ලක්ෂණ කිහිපයක් මතුවීමත් සමගම ඊයේ (25) රාත්රී 9.30ට පමණ කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සිදු කළ ඇන්ජන් පරීක්ෂාවකින් මේ බව තහවුරුවූ බවද වීරක්කොඩි මහතා සඳහන් කරයි.
දැන් තමා හික්කඩුවේ පෞද්ගලික හෝටලයක නීරෝධායනය වෙමින් සිටින බවද වීරක්කොඩි මහතා කියා සිටී.
ඒ මහතා, පසුගියදා පැවැති (සැප්තැම්බර් 21) පාර්ලිමේන්තු සැසිවලට ද සහභාගිවී තිබේ.
පසුගියදා ඒ මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාව