ස්පුට්නික් දෙවැනි මාත්‍රාව : එන්නත් ලැබීම නොලැබීම අපේ පාලනයෙන් තොරයි. ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි - සෞ. මා.
ස්පුට්නික් වී කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් විශාල පිරිසකට එහි දෙවැනි මාත්‍රාව මෙතෙක් නොලැබීම රජයේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
ප්‍රශ්නය - ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් බොහෝ දෙනෙකුට එහි දෙවැනි මාත්‍රාව සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇතිවෙලා තියෙනවා ?
"සෑම එන්නතක්ම ලැබීම නොලැබීම කියන එක අපේ පාලනයෙන් තොර ඉතාම අවිනිශ්චිත තත්වයක් තියෙන්නෙ. ඉතිං අපි මේ එන්නත් ලබාදුන්නු හැම අවස්ථාවකම ඒ එන්නත් ලබාදෙනකොට ඒ ඒ කණ්ඩායම් වලට ඒ පිළිබඳව දැනුවත් කරලා තමා ඒක දුන්නෙ. මේක මම කිව්වෙ මේ අවිනිශ්චිතතාවය රජයේ ප්‍රශ්නයක්වත් සෞඛ්‍ය අමාත්‍යාංශයේවත් ප්‍රශ්නයක් නෙවෙයි. දෙවැනි මාත්‍රාව ලැබුණේ ඉතාම සුළු ප්‍රමාණයක්. පහළොස් දාහෙ ඒවා දෙකක්. ඒක හින්දා තමයි අපි මුලදිම කිව්වෙ මේ පළවෙනි ඒක ඒ එන්නත් මාත්‍රාවකින් අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලැබෙන බවත් දැනුම් දුන්නා, ඒවගේම තමා දෙවැනි එන්නත ලැබුණු වහාම ලබාදෙනවා කියලාත්"
වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ස්පුට්නික් දෙවැනි මාත්‍රාව : එන්නත් ලැබීම නොලැබීම අපේ පාලනයෙන් තොරයි. ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි - සෞ. මා.
2021-09-05T08:47:00+05:30
Gossip Lanka Hot News





