gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉතාලියෙන් ප්‍රංශයට ගිය ‘පාස්කු විරෝධය’ ජනපති සිටින නිව්යෝක් නුවරටත් යයි! පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉල්ලා ශ්‍රී ලාංකිකයෝ හෙට විරෝධතාවක!

පාස්කු ප්‍රහාරයෙන් අසාධාරණයට ලක්ව සිටින වින්දිතයන්ට සාධාරණය ඉල්ලා හෙට (22) දිනයේදී අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් නිව්යෝක් නුවර උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
හෙට පෙරවරු 9.30ට මැන්හැටන්හි ඩැග් හැමර්ස්කොල් ප්ලාසාහි මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ වනවිට අමෙරිකාවේ රැදී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනයේදී එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය අමතන අවස්ථාවේ මෙම උද්ඝෝෂණය පැවැත්වීමය.

විදෙස් රටවල මෙවැනි විරෝධතා සිදු කිරීම ආරම්භ වූයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතාලි සංචාරය අතරතුරදීය.

එහිදී ඉතාලියේ බොලොඤ්ඤා නුවර අගමැතිවරයා සමුලුව අමතමින් සිටියදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා විරෝධතාවක නිරත විය.

ඉන් අනතුරුව ප්‍රංශයේ පැරිස් නුවරද මේ ආකාරයේම විරෝධතාවක් ශ්‍රී ලාංකිකයන් විසින් පවත්වනු ලැබ තිබිණ.


-lankatruth


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka