gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අපිත් කළේ ලංකාව කළා වගේ සටනක්... අපිට LTTE සබධකම් නෑ... බුදුපිළිම කඩන්නෙත් නෑ - තලේබාන් මාධ්‍ය ප්‍රකාශක ලංකාවට කියයි

තලේබාන් සංවිධානය ස්වාධීන සංවිධානයක් බවත්, එම සංවිධානයට කිසිසේත්ම එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සබධකම් නොතිබූ බවත් එම සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක සහ ජාත්‍යන්තර මැදිහත්කරු ලෙස කටයුතු කරන සුහයින් ෂහීන් අවධාරණය කොට ඇත.

ඩෙිලිමිරර් පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සදහන් කොට ඇත.

තලේබාන් සංවිධානය, විමුක්ති සංවිධානයක් ලෙස මිස, ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නොසලකන ලෙස සුහයින් ෂහීන් එහිදී ඉල්ලීමක් කොට තිබේ.

වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ සිදුවන විදේශ මැදිහත්වීම්වලින් ඇෆ්ගනිස්ථානය මුදා ගැනීම සදහා තමන් සටන් කළ බවත්, එය, ලංකාව නිදහස් කර ගැනීම සදහා, ආදී මුතුන් මිත්තන් ගෙන ගිය සටනට සමාන සටනක් බවත් ඔහු පවසා තිබේ.

එමෙන්ම, ඇෆ්ගනිස්තානය තුළ තිබෙන බෞද්ධ උරුමයන් සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත්, එම උරුමයන් ආරක්ෂා කරන බවත් ඔහු පවසයි.

තලේබාන් සංවිධානය මේ වන විට ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත්කරගෙන තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka