ඉදිරි දිනවලදී ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව 1,000 දක්වා ඉහළ යා හැකි බවට වෛද්‍යවරුන් අනාවැකි පළ කර තිබේ. එමඟින් ඔක්සිජන් සැපයුමේ ඉහළ ඉල්ලුමක් ඇති විය හැකි බව සෞඛ්‍ය බලධාරියකු උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් වාර්තා කරයි. මේ වන විට ශ්‍රී ලංකාවේ රෝහල් සඳහා ඔක්සිජන් සපයන සමාගම් දෙකක් පවතින අතර හිඟයක් ඇති වුවහොත් ඔක්සිජන් ආනයනය කරන බවට රජය සහතික වී තිබේ. දැනට ඔක්සිජන් හිඟයක් වාර්තා වී නොමැත.
රට පුරා රෝහල්වල රෝහල් වල ඔක්සිජන් මත යැපෙන රෝගීන් 614 ක් පෙරේදා වනවිට සිටියහ. සඳුදා උදෑසන අයිඩීඑච් රෝහල වෙත පැමිණි රෝගීන් දෙදෙනෙකු රෝහලට ඇතුළු වන විට ඔක්සිජන් මට්ටම අඩු වී රෝහලේ බාහිර රෝගී අංශයේ සිටියදී මිය ගොස් ඇතැයි එම වාර්තාවේ දැක්වේ
මේ අතර බස්නාහිර පළාතෙන් සහ කරාපිටිය ශික්ෂණ රෝහලෙන් ඩෙල්ටා ප්‍රභේදයෙන් ආසාදනය වූ බොහෝ රෝගීන් වාර්තා වූ අතර මහනුවර, නුවර වැනි කඳුකරයේ බොහෝ දිස්ත්‍රික්ක වන නුුවරඑළිය, බදුල්ල, කෑගල්ල, අනුරාධපුර, පොළොන්නරුව, තවමත් ඩෙල්ටා ප්‍රභේදය පිළිබද වාර්තා තහවුරු කර නොමැත. කෙසේ වෙතත්, එම ප්‍රදේශවලින් ජාන අනුපිළිවෙල පිිළිබද පරීක්ෂණ අඛණ්ඩව සිදු වෙමින් පවතී.
මේ වන විටත් පුරෝකථනය කර ඇති පරිදි කොවිඩ් -19 වෛරසය ඉතා විශාල යැයි සැලකෙන ඉදිරි දින 10 තුළ රට පුරා ක්‍ෂණිකව ක්‍රියාත්මක කළ අගුලු දැමීමෙන් පවා ඉරණම වෙනස් කිරීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකාවේ සමස්ත වෛද්‍ය අංශයම අර්බුදයකට ඇද වැටී තිබේ. විශේෂඥයන් ඊයේ ඩේලි මිරර් වෙත පැවසීය.
රට පුරා අගුලු දැමීම පැනවීමට තවමත් තීරණයක් නොමැති නමුත් අන්තර්-පළාත් සංචාරක සීමා දැඩි ලෙස නිරීක්ෂණය කෙරේ
ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වූයේ කුමන පළාත්වලද යන්න හඳුනා ගැනීම සඳහා වෛද්‍යවරුන් දැන් පරීක්ෂණ වැඩි කර ඇත. සමහර රටවල ඩෙල්ටා විනාශකාරී ලෙස ව්‍යාප්ත කරමින් පවතින අතරම ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති අනුවාදයක් වූ ඩෙල්ටා ප්ලස් ගැන ද දැන් විමසිල්ලෙන් පසුවේ.
ඩෙල්ටා ප්ලස් යනු ඩෙල්ටා ප්‍රභේදය සම්ප්‍රේෂණය වීම ඉතා ඉහළ මට්ටමක පවතින විට ඩෙල්ටා ප්‍රභේදය ස්වභාවිකව විකෘති වීමයි. එය තවමත් ශ්‍රී ලංකාවේදී සොයා ගැනීමට නොහැකි වූවත් වෛද්‍යවරුන් සීරුවෙන් සිට තත්වය නිරීක්ෂණය කරමින් සිටින බව සඳහන් වේ.
COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ යාමට හේතු වී ඇත්තේ දැනට ඩෙල්ටා ප්‍රභේදය බවට වෛද්‍යවරු සැක කරති. නිල සංඛ්‍යාලේඛන අනුව දිනකට රෝගීන් 2,500 සිට 2800 දක්වා සංඛ්‍යාවක් ගණන් බලා ඇතත් එම සංඛ්‍යාව 4,000 ක් පමණ විය හැකිය. මේ වනවිට වාර්තා වන්නේ දින 8-10 කට පමණ පෙර ආසාදනය වී ඇති රෝගීන් සහ මේ දින තුළ ආසාදිත රෝගීන්ගේ පිළිබිඹුවක් වන අතර ඔවුන්ගේ සංඛ්‍යාව ඉදිරි දින 10 තුළ පමණ හෙළි වනු ඇති බවය.
