gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විහාරාධිපති හිමියෝ එලවා දමා සේරුවාවිල විහාරස්ථානය අත්පත් කර ගනිති!

තමන් වහන්සේ විහාරාධිපති ධූරය දරන සේරුවාවිල මංගල රජමහා විහාරයට නාඳුනන පිරිසක් කඩා වැදී එය බලහත්කාරයෙන් අත්පත් කර ගෙන පාලන බලය ඔවුන් අතට ගෙන ඇතැයි විහාරයේ විහාරාධිපති කොටපොළ අමරකිත්ති හිමියෝ සඳහන් කරති.

අමරකිත්ති හිමියෝ සඳහන් කරන්නේ හතළිහක පමණ කණ්ඩායමක් විහාරස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වී එය අත්පත් කර ගනිමින් තමන් වහන්සේට ඊට ඇතුළු වීම අවහිර කර ඇති බවය.

එම විහාරස්ථානයේ විහාරාධිපති ධුරය දැරූ මුංහේනේ මෙත්තාරාම හිමියන්ගේ අපවත් වීමෙන් පසු අමරපුර සංඝ සභාව හා එහි මහා නායක හිමියන් විසින් තමන් වහන්සේ සේරුවාවිල විහාරාධිපති ධුරයට පත්කළ බවද එම පත් කිරීම බුද්ධ ශාසන අමාත්‍යාංශයේ විසින් අනුමත කර ලේඛන ගත කර ඇති බවත් උන්වහන්සේ කියා සිටිති.

මෙම සිදුවූ පිළිබඳව පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කර ඇති බවද අමරකිත්ති හිමියෝ පවසති.

බුදුන් වහන්සේගේ ලළාට ධාතුන් වැඩ වෙසෙන මෙම විහාරය මීට වසර දෙදහස් දෙසීයකට පමණ ඉහත ඉදිකරන ලද්දකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka