gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එස්.බී.ගේ සුළු ලෙඩේ වෙනුවෙන් දිනකට ඔක්සිජන් ටොන් 120ක්!

පවතින කොවිඩ් වසංගතය හමුවේ ඉහළ ගොස් ඇති ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණය හේතුවෙන් පසුගිය දින ගණනාවක් තිස්සේම දෛනික ඔක්සිජන් අවශ්‍යතාව ටොන් 120ක් ඉක්මවා ඇති ව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සහන් කරයි. මෙය දිනකට ටොන්න 137ක් දක්වා උපරිම මට්ටමකට ද ගොස් ඇති අතර ටොන් 120ක අවශ්‍යතාව ඉතා අසීරුවෙන් කළමනාකරණය කෙරෙමින් පවතින බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රි ලංකාවේ සිදු කෙරෙන දෛනික ඔක්සිජන් නිෂ්පාදනය ටොන් 80ක් පමණ වන අතර එයින් ටොන් 44ක් පමණක් කොවිඩ් අර්බුදයට පෙර රෝහල්වල අවශ්‍යතා සඳහා ලබා ගැනිණි. මේ වනවිට සමස්ත නිෂ්පාදනයම රෝහල් වෙත සැපයෙන අතර රෝහල්වල සිදු කෙරෙන සාමාන්‍ය හදසි නොවන ශල්‍යකර්ම ආදිය මේ වනවිට නවතා දමා කොවිඩ් රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාව ලබා දීමට කටයුතු කර ඇත. විදේශයන්ගෙන් ගෙන්වන ද ඔක්සිජන් තොගයෙන් දෛනිකව ටොන් 40ත් 45ත් අතර ප්‍රමාණවත් භාවිතය ට ගැනෙන අතර මේ වනවිට රජය සතියකට ටොන් 300 බැගින් ඉනදියාවෙන් ගෙන්වීමට සැලසුම් කර ඇත.

පසුගියදා හිටපු අමත්‍යවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී දිසානායක සඳහන් කර සිටියේ කොවිඩ් රෝගය යනු ලෝකයේ සිදුවන මරණ සහ වසංගතවලට සාපෙක්ෂව සුළු රෝග තත්ත්වයක් බවය. එසේ වුවද මේ වනවිට දිනකට ටොන් 120ක ඔක්සිජන් ප්‍රමාණයක් ලබා දී රෝගීන් බේරා ගැනීමේ සටනක නියැළෙන්නට සෞඛ්‍ය අංශවලට සිදුව ඇත.

-lankasara


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka