gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අපි නිසා දවසට මරණ 150න් බේරුණා, යහපාලන ආණ්ඩුව තිබුණා නම් රටෙන් බාගයක් මැරිලා - රෝහිත

පහුගිය දිනවල දෛනික කොවිඩ් මරණ 150කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ නමුත් යහපාලන ආණ්ඩුව බලයේ සිටියේ නම් මේ වනවිට රටෙන් බාගයක්ම ජනතාව මියයාමට ඉඩ තිබුණු බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. 

"සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා අපි දැක්කා ඔහු පහුගිය මැතිවරණ කාලෙත් ඖෂධ වර්ග ගැන නම් කියලා කියනවා. ඔහු එක සැරයක් කිව්වා මේ රටේ මිනිස්සුන්ට ප්ලැකනිල් කියලා බෙහෙතක් තියෙනවා ඒක ගන්න කියලා. දැන් ඒ වගේම ආපහු සැරයක් ඔහු එක පාරටම විශේෂඥ වෛද්‍යවරයෙක් වෙලා වගේ. දැන් ආපහු බෙහෙත්වල නම් කියනවා. ඉතිං අපි කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයාට කරුණාකරලා තමුන්නාන්සෙ සහ තමුන්නාන්සෙලාගෙ ඔය පහුගිය යහපාලන රජයේ උන්නැහැලා ටික මේ වනවිට මේ රට පාලනය කරලා තිබුණා නම් විසාලා මහනුවරක් වෙලා ඉවරයි මේක. 

දැන් පහුගිය දවස්වල එක දවසකට 150කට වැඩි මරණ සංඛ්‍යාවක් අපට වාර්තා වුණා. යහපාලන ආණ්ඩුව තිබුණා නම් අද රටෙන් බාගයක් මැරිලා. කතා කරන්න මේ අපිවත් ඉතුරු වෙයිද කියලා විශ්වාසයක් නෑ. ඒ තරම් කිසිම වැඩපිළිවෙලක් නොතිබුණු ආණ්ඩුවක උන්නැහැලා ටිකක් තමයි අද මේ කොවිඩ් ගැන කතා කරන්නෙ. 

අපි දැක්කා ඊයෙ කියනවා මේ හිටපු දත් දොස්තර මහත්තයා කියනවා එයා කරපු වැඩේ දැන් හතර දෙනෙක් කරනවාලු ඇමතිවරු. එයා කරපු හැටි හොඳටම දන්නවා. එයා කරපු හැටි ගැන නම් මේ රටේ මිනිස්සු එක එක්කෙනාගෙන් ගිහිලා ඇහුවොත් හිටපු දත් දොස්තර සෞඛ්‍ය ඇමතිතුමා කළේ කියලා, කිසිම අඩුපාඩුවක් නැතුව රටම කියලා දෙයි කරපු විදිය සම්බන්ධව. කොවිඩ් තත්වය උඩ අසරණ වෙන මිනිස්සුන්ගේ කඳුළ උඩින් අහිංසක මිනිස්සුන්ගෙ මිනී උඩින් තමුන්නාසෙගෙ දේශපාලනය කරන්න යන්න එපා. අපි ඒක කියනවා අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ කෙනාටත්, මිනී උඩින් දේශපාලනය කරන්න එපා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (21) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka