gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සැක සහිත කොවිඩ් ආසාදිතයෙකුගේ නිවසට ගිය PHIට එල්ලවූ කෙළ ප්‍රහාරය

කොවිඩ් -19 ආසාදිත බවට සැකසහිත පුද්ගලයෙකුගේ ගිරිඋල්ල පොලිස් වසමේ පුස්කොලදෙණිය ප්‍රදේශයේ නිවසකට රාජකාරී කටයුතු සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ඊයේ (03) කෙළ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඒ නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

අදාළ සැකසහිත පුද්ගලයා සිටින නිවසට ගිය අවස්ථාවේදී එම පුද්ගලයාගේ පියා විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ රාජකාරියට බාධා කරමින් පහරදීමට තැත්කර ඇති බවට වාර්තා වූ බවද පොලීසිය පැවසුවේ.

ඉන් අනතුරුව එම කෙළ ප්‍රහාරය එල්ලකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

ඒ අනුව ගිරිඋල්ල පොලීසිය විසින් අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු 48 හැවිරිදි පුද්ගලයෙකු වන අතර එම අවස්ථාවේදී ඔහු මත්පැන් පානය කර සිටි බවද වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

2020 වසරේ දෙසැම්බර් 02වනදා මේ ආකාරයෙන්ම සිද්ධියක් බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබු අතර එහිදී අදාළ සැකකරුට නඩු පැවරීමෙන් අනතුරුව වසර 6ක සිරදඬුවමක් පානදුර අධිකරණය මගින් නියම කරනු ලැබුවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka