පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තමන්ට ලැබුණු නව අමාත්‍යාංශය පිළිබඳව සතුටකින් පසු නොවන බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
ඉකුත් 16 වැනි දින ජනපතිවරයා කළ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී වන්නිආරච්චි මහත්මියට හිමි වූයේ ප්‍රවාහන අමාත්‍යධූරය.
වැඩිපුර බලතල රාජ්‍ය ඇමතිට
ප්‍රවාහන අමාත්‍යාංශයේ වගකීම් ගැසට් කර තිබෙන ආකාරයට එහි වැඩිපුර ආයතන මෙන්ම බලය හිමිව තිබෙන්නේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යධූරයටයි.
දිලුම් අමුණුගම මහතා දරන එම රාජ්‍ය අමාත්‍ය ධූරයට ලංගම බස් සේවාව මෙන්ම මෝටර් රථ ප්‍රවාහන කොමිසම ඇතුළු ආයතන රැසක් ඇතුළත්.
ප්‍රවාහන කැබිනට් ඇමැති ධුරයට හිමිව තිබෙන්නේ දුම්රිය විෂය පමණයි.
දුම්රිය මැදිරිත් රාජ්‍ය ඇමතිට
එහිද දුම්රිය මැදිරි නඩත්තු කිරීම සහ අලුත් වැඩියාව පිළිබඳ වගකීම ගැසට් මගින් පැවරී තිබෙන්නේත් දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයාට.
මෙම තත්ත්වය තුළ ප්‍රවාහන ඇමතිවරිය ලෙස තමන්ට වැඩක් කළ හැකි වගකීමක් පැවරී නැති බව වන්නිආරච්චි මහත්මියගේ මතය වන බවයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
තමන් ජනපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන තුරු තමන්ගේ අමාත්‍යධූරය වෙනස් වන බවක් තමන් නොදැන සිටි බව වන්නිආරච්චි මහත්මිය සඳහන් කළද එවැන්නක් සිදුවන බව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හා සමාජ ජාල මාධ්‍ය විසින් කල් තියාම වාර්තා කර තිබුණා.
නම් වී තිබුනේ වෙන ඇමති කමකට
ඒ අනුව වන්නිආරච්චි මහත්මියගේ සෞඛ්‍ය අමාත්‍ය ධූරය වෙනස් වන බවත් ඇයට විදුලිබල අමාත්‍ය ධුරය ලැබීමට නියමිත බවයි වාර්තා වුණේ.
එහෙත් වන්නිආරච්චි මහත්මියට ප්‍රවාහන කැබිනට් ඇමතිධූරය ලැබෙනු ඇතැයි කිසි විටකත් වාර්තා වුණේ නැහැ.
එපමනක් නොව ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ ගාමිණී ලොකුගේ මහතාගේ විෂය පථය වෙනස් වන බවක්ද මාධ්‍ය කිසි විටෙකත් වාර්තා කළේ නැහැ.
දිලුම් අමුණුගම මහතාට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය ධූරයද මීට ටික කලකට පෙර ජනපතිවරයා විසින් ලබා දුන්නා.
එය එතෙක් තිබුණේ මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා යටතේ.
