gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිෂාරා ජයරත්න හමුවෙන්න ගිය මාධ්‍යවේදියෙක් කරදරේ වැටෙයි !

නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතීඥවරියකවන හිටපු නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කළ නිෂාරා ජයරත්න මෙනවිය හමුවීමට අද (04) දිනයේ ගිය මාධ්‍යවේදියකු ඇය සමග සාකච්ඡාවක සිටිය දී එම දෙපාර්තමේන්තුවේ ආරක්ෂකයින් විසින් බලහත්කාරයෙන් එළියට ඇද දමා ඇති බව වාර්තා වේ.

දිවයින පුවත්පතේ අධිකරණ වාර්තාකරු වන මාධ්‍යවේදී ඒ.ජේ අබේනායක නිෂාරා ජයරත්න හමුවීමට නීතිපති දෙපාර්තමේන්තුවේ ඇයගේ නිල කාමරයට ගොස් තිබුණේ ඇය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි මත්ද්‍රව්‍ය නඩුවකට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහාය.

එම අවස්ථාවේ වහා එතැනට පැමිණි ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු අබේනායකට එම කාමරයෙන් ඉවතට ඇද දමා ඇත. එය නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරිපාලන නිලධාරියාගේ නියෝගයකට අනුව සිදු කරන ලද්දක් බව ද ආරක්ෂක නිලධාරීන් පවසා තිබේ.

අනතුරුව ඒ මොහොතේම නිෂාරා ජයරත්න ද ප්‍රධාන පරිපාලන නිලධාරියා වෙත කැඳවා ඇත. ඒ
ජේ. අබේනායකට මෙම නිලධාරීන් පවසා ඇත්තේ නව නිතිපතිවරයා පත්වීමෙන් පසුව කිසිදු මාධ්‍යවේදියකුට මෙම පරිශ්‍රයට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙස තමන්ට පරිපාලන අංශයෙන් දැනුවත් කර ඇති බවකි. මේ අවස්ථාවේදි ප්‍රධාන පරිපාලන නිලධාරියා හමුවට අබේනායක ද කැඳවා ඇති අතර ඔහු ඒ කැඳවීම ප්‍රතික්ෂේප කර තිබේ.

හිටපු නිතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස ක්‍රියා කළ නිෂාරා ජයරත්නට මේ වනවිට ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් තාඩන පිඩන එල්ල වන බවට වාර්තා වේ.

දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රාජකාරීමය වශයෙන් ඇයව පීඩාවට පත් කිරිමට උත්සාහ ගැනීම පිළිබඳව රජයේ නීතීඥ නිෂාරා ජයරත්න මේ වනවිට නීතිපතිවරයා වෙත පැමිණිලි කර ඇති බවද නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

-lankasara


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka