තවත් කොවිඩ් මරණ 98 ක් – මුඵ මරණ සංඛ්‍යාව 5000 ඉක්මවයි
අද රටේ නිල වශයෙන් තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ පන්දහස ඉක්මවා ගියේය.
ඒ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (06) දිනයට අදාල කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 98 ප්‍රමාණයක් අද වාර්තා කිරීමෙනි.
මේ මරණ අතර කාන්තාවන් 51 ක් හා පුරුෂයින් 47 වෙති.
මේ වනවිට ලංකාවෙන් වාර්තා වී ඇති නිල වශයෙන් තහවුරු කළ කොවිඩ් අසාදිත මරණ ප්‍රමාණය 5017 කි
මේ පිළිබඳ රජය නිල වශයෙන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
එමෙන්ම මේ වනවිට තත්වය ඉතාම අවදානම් බැවින් කොවිඩ් එන්නත් ලබා ගන්නා ලෙසත්, අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවසින් බැහැර නොවන ලෙසත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
තවත් කොවිඩ් මරණ 98 ක් – මුඵ මරණ සංඛ්‍යාව 5000 ඉක්මවයි
2021-08-07T21:35:00+05:30
Gossip Lanka Hot News







