රටම සලිත කරමින් ගල්ගමුව නිවසකින් අභිරහස් මළසිරුරු තුනක් හමුවේ !
ගල්ගමුව පොලිස් වසමේ මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබූ මළ සිරුරු තුනක් ගල්ගමුව පොලිසිය විසින් අද උදෑසන සොයාගෙන තිබේ.
සොයාගත් සිරුරු තුන අතරේ වයස අවුරුදු 28 ක් පමණ වන පිරිමි සහ කාන්තා මළ සිරුරු දෙකක් සහ වයස අවුරුදු දහයක් පමණ වන පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් ද ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ.
මෙතෙක් කරන ලද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඊයේ රාත්‍රියේ ඇතුළු යම් බහින්බස් වීමකින් පසු අදාළ පිරිමි පුද්ගලයා කාන්තාව සහ දරුවන් ඝාතනය කළ ඔහු ද සිය දිවි හා නිකරගෙන ඇති බවයි.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත අතර ගල්ගමුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
රටම සලිත කරමින් ගල්ගමුව නිවසකින් අභිරහස් මළසිරුරු තුනක් හමුවේ !
2021-08-07T11:24:00+05:30
Gossip Lanka Hot News






