05 වැනිදා සිට දෛනික ආසාදිතයන් 5000 පැන්නා.. හමුදා ලොක්කෙක් වෛද්‍යවරු දෙදෙනෙක් දත්ත වෙනස් කලා - මුසම්මිල් හෙලිදරවුවක
කොරෝනා වසංගත ව්‍යාප්තියේ දත්ත වෙනස් කිරීමක් සිදු වෙමින් ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි. හමුදාවේ ඉහළ නිලධාරියෙක් හා වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් මේ සඳහා සම්බන්ධයෙන් යයි පැවසූ මන්ත්‍රීවරයා යුද හමුදාපතිට අවශ්‍ය නම් මෙම පුද්ගලයන් සොයාගත හැකි බවත් පැවසීය.
11 වැනිදා මෙරටින් ආසාදිතයන් 5415ක් වාර්තා වී ඇති බවත් 05 වැනිදා සිට මේ දක්වාම දිනකට ආසාදියන් 5000 ඉක්මවා ආසාදිතයන් වාර්තා වී ඇති බවත් ඔහු කියා සිටියේ ඔහු සතුව තිබූ වාර්තාවක්ද සාක්‍ෂි ලෙස ඉදිරිපත් කරමිනි.
එම පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
05 වැනිදා සිට දෛනික ආසාදිතයන් 5000 පැන්නා.. හමුදා ලොක්කෙක් වෛද්‍යවරු දෙදෙනෙක් දත්ත වෙනස් කලා - මුසම්මිල් හෙලිදරවුවක
2021-08-13T13:28:00+05:30
Gossip Lanka Hot News






