gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කිරිපිටි ආනයනය අත්හිටුවයි! තොග ඇත්තේ මේ මාසයට විතරයි!

ආනයනික කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවා ඇති බව ආනයනික සමාගම් පවසයි.

ආනයනික කිරිපිටි සඳහා ඉල්ලා සිටින මිල වැඩිවීම මෙතෙක් පාරිභෝගක අධිකාරියෙන් ලබා නොදීම නිසා සමාගම් ලබන අධික පාඩුව නතර කර ගැනීමේ අරමුණෙන් කිරිපිටි ඇනවුම් කිරිම අත්හිටුවීමට තීරණය කළ බව එම සමාගම් වැඩිදුරටත් පවසයි.

දැනට සමාගම් සතුව තිබෙන්නේ මෙම මාසයට ප්‍රමාණවත් කිරිපිටි තොග පමණක් බව සමාගම් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ තත්ත්වය හේතුවෙන් ලබන මාසය අවසානයේදී වෙළඳ පොලේ ආනයනික කිරිපිටි හිඟයක් ඇති විය හැකි බවද පැවසේ.

සමාගම් සතුව තිබෙන කිරිපිටි තොග වෙළඳ පොළට නිකුත් කිරීම මේවන විට 65% කින් පමණ අඩුකර ඇති බවත්, පසුගිය මාසයේදී වෙළඳ පොළට නිකුත් කළ කිරිපිටි ප්‍රමාණය 50%කින් පමණ අඩු කර තිබෙන බවද වාර්තා වේ.

කිරිපිටි හිඟ වෙන්න දෙන්නෙනෑ කිරි හා බිත්තර ඇමති පාරම්බායි

මේ අතර, රට තුළ කිසිසේත් කිරිපිටි හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පවසන බව අද දෙරණ වාර්තා කර තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේවන විටත් දියර කිරි ප්‍රචලිත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද පැවසූ බව එහි දැක්වේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පවසා ඇත.

"මේ රටේ සියයට 40ක් තමා අපි කිරි හදන්නේ අපිට ඕන කරන ප්‍රමාණය. අපි ඒක සියයට 100කින් සම්පුර්ණ වෙන්න ඕනේ. එහෙම වුණාම තමා අපි කිරි පිටරටින් ආනයනය කරන එක නවත්වන්නේ. පාරිභෝගිකයා අපිට තෘප්තිමත් කරන්න ඕනේ. හැබැයි අපි කිරිවලින් ස්වයං පෝෂිත වෙන්න ඕනේ. කිරි ස්වයං පෝෂිත වෙනවා කියන්නේ පිටරටින් කිරි ආනයනය කරන එක නවත්වනවා. අපිට මේක ක්ෂණිකව කරන්න බැරිවෙයි. අවුරුදු 2 - 3 ඉලක්කයක් එක්ක‍ ඒක කරන්න පුළුවන් වෙයි. ඒ වෙනුවෙන් තමයි අද අපි පත්වීම් දීලා මේ තවත් පිරිස් එකතු කර ගන්නේ. කොවිඩ් තත්ත්වය සමඟ යම් යම් භාණ්ඩ රටට ආනයනය කරන එක හිඟයක් තියෙනවා. කිරිපිටිත් ඒ මට්ටමට තියෙන්න පුළුවන්. ලංකාවේ පාරිභෝගිකයින් බයවෙන්න දෙයක් නෑ. අපිට කිරි දැනට අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. ඒ විතරක් නෙමෙයි දියර කිරි ජනතාවට ප්‍රචලිත කරන්න වැඩපිළිවෙලකට යොමුවෙලා තියෙනවා."

ප්‍රශ්නය - කිරිපිටි මිල වැඩි කිරීමේ සුදානමක් තියෙනවා ද?

"කිරිපිටි මිල වැඩි කිරීමේ උවමනාවක් නෑ. එහෙම අපේක්ෂාවක් අපි ළඟ නෑ. ජනතාවට බිය වෙන්න ඕන කමක් නෑ. ජනාධිපතිතුමා අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම අවහිර කරන්නේ නෑ."

-srilankamirror


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka